දේශීය

මාලේ සිට පිරිසක් කටුනායකට

(UTV | කොළඹ ) – කොරෝනා වසංගතය හමුවේ මාලදිවයිනෙන් පිටවීමට නොහැකිව එහි සිරවී සිටි විදේශිකයන් 108 දෙනෙකු මාලේ නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබේ.

ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජහරණයට ලක් කර ඇති අතර මෙම පිරිස අතර සිටි පකිස්තාන ජාතික ගුවන් මගීන් 45 දෙනෙකු ලාහෝර් නුවර දක්වා පිටත් කර යවා තිබේ.

මාලේ සිට රැගෙන ආ ඉතිරි ගුවන් මගීන් 63 දෙනා සමගින් ශ්‍රී ලංකාව තුළ සිර වී සිටි විදේශිකයන් සහ එංගලන්තයට ඇතුළු වීම සදහා සුදුසුකම් ලැබූ ලාංකික ගුවන් මගීන් ඇතුලු 99 දෙනෙකු සමඟ සමස්ත ගුවන් මගීන් 162 දෙනෙකු ඊයේ (13) රාත්‍රී 11.45 ට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් ඇත.

Related posts

අභිමානවත් 73 වන නිදහස් දිනය අදයි

Mohamed Dilsad

ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක ගෙවයි

Mohamed Dilsad

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට දින නියම කරයි.

Editor O

Leave a Comment