දේශීය

කෑගල්ල දිස්තික්කයේ මී උණ පැතිර යාමේ අවදානමක්

(UTV | කෑගල්ල) –  කෑගල්ල දිස්තික්කයේ මී උණ පැතිර යාමේ අවදානමක්‌ පවතින බව දිස්තික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පත්මකුමාර වික්‍රමසිංහ මහතා පවසයි.

මී උණ රෝගය වැළඳීමෙන්‌ කෑගල්ල මහ රෝහලේ දී පසුගිදා රෝගීන්‌ තිදෙනෙකු මියගොස් ඇති බව ද වාර්තා විය.

කොව්ඩි 19 වසංගතය පිළිබඳ වැඩි අවධානයක්‌ යොමුවී තිබියදී ජනතාව කුඹුරු වැඩ හා ඇලවේලි පවිත්‍ර කිරීම්වල නිරත වන බව ද එම නිසා මෙම රෝගය පැතිර යාමේ අවදානමක්‌ ඇතැයි ද දිස්ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පත්මකුමාර වික්‍රමසිංහ මහතා ඊයේ කෑගල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන්කර සිටියේය.

Related posts

පවතින ඇඳිරිනීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතුයි [LETTER]

Mohamed Dilsad

සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීමට දුන් කාලය යළි දීර්ඝ කරයි

Mohamed Dilsad

රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් ගැන ආණ්ඩුව වගකීම ගත යුතුයි – සාගර කාරියවසම්

Editor O

Leave a Comment