දේශීය

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති වූ ගින්න පිළිබඳව පොලිස් විමර්ශන

(UTV | දෙයියන්දර) – අද අලුයම දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති වූ ගින්නක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ගින්න හේතුවෙන් අධිකරණයේ ලේඛනාගාරයේ කොටසකට හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

ගින්න හටගත් ස්ථානයේ අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ නිලධාරින් හා ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීමේ නිලධාරින් කැඳවා වැඩිදුර විමර්ශන සිදුකරගෙන යන බව පොලිසිය සඳහන් කරයි.

Related posts

හිටපු කතානායක, (හිටපු) ආචාර්යය අශෝක රංවලගේ රිය අනතුරේ නවතම තොරතුරු

Editor O

සියලුම විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

Mohamed Dilsad

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර පත් කරයි.

Editor O

Leave a Comment