ගොසිප්

චීනය සිදු කල නවතම හෙළිදරව්ව මෙන්න

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය චීනයේ පාලනය වී ඇතත් යළි වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවට එරට ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙකු අනතුරු අඟවා තිබේ.

ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මී ෆෙන්ග් ප්‍රකාශ කර කළේ ගතවූ සති දෙකක කාලය තුළ වෛරසය දේශීයව ව්‍යාප්තවීමේ සිද්ධීන් වාර්තාවී ඇති බවයි.

එමෙන්ම ගතවූ පැය 24 ක කාලය තුළ නව ආසාදිතයන් තුන්දෙනෙකු වාර්තාවී තිබුණද චීනයෙන් මරණ කිසිවක් වාර්තාවී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එරට  ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළේ නව ආසාදිතයන් තිදෙනා විදේශයන් හි සිට චීනයට පැමිණි අය බවයි.

චීනයෙන් ආසාදිතයන් 82,880 දෙනෙකු වාර්තාවී ඇති අතර, මරණ වාර්තාවී ඇත්තේ 4,633 ක් පමණයි.

Related posts

ගෝඨාභය, බැසිල් රාජපක්ෂගේ අතකොලුවක් පමණක්

Mohamed Dilsad

රජය විදෙස්ගත ලාංකිකයන්ගෙන් කොරෝනා මඩින්න අරමුදල් ඉල්ලයි

Mohamed Dilsad

තරුණයන්ගේ සිහින කුමාරිය වූ කස්තුරි මනාලියක් වෙයි

Mohamed Dilsad

Leave a Comment