ගොසිප්

කොරෝනා පිලිබඳ ලන්ඩනය කළ අලුත්ම හෙළිදරව්ව

(UTV | කෝවිඩ් -19) – නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තිය ආරම්භ වූ කාලය පිලිබඳ නවතම අධ්‍යයනයක් වාර්තා වී තිබේ.

ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 6 ත් දෙසැම්බර් මස 11 ත් අතර කාලය තුළ නව කොරෝනා වෛරසය ආරම්භවූ බව ලන්ඩනයේ විශ්වවිද්‍යාල විද්‍යාලයේ ජාන අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් සඳහන් කරයි.

ඔවුන් එම අදාළ අධ්‍යයනය සිදුකර ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වූ 7,500 කට වැඩි පිරිසකගේ ජානමය සාම්පල යොදාගනිමින්.

පර්යේෂනයට යොදාගැනුනු සාම්පල් අතරින් කොවිඞ් 19 වෛරසයේ ජාන විකෘතිතාවට භාජනය වූ ප්‍රභේද 200 ක් පමණ හඳුනාගත් බව එහිදී අනාවරණ වී ඇත.

අදාළ පර්යේෂකයින් පෙන්වා දෙන්නේ එය වෛරසයේ ව්‍යාප්තිය සඳහා බලපෑම් ඇති කරන්නක් බවයි.

Related posts

විමල්ගේ කුරුදු සිගරැට් මාධ්‍ය හමුවට GMOA විරෝධය [LETTER]

Mohamed Dilsad

කරාටේ ක්‍රීඩාවේ හපන්කම් දැක්වූ අගමැති [PHOTOS]

Mohamed Dilsad

උපාධිධාරිනියන්ගේ ප‍්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව උසාවි යයි

Mohamed Dilsad

Leave a Comment