දේශීය

සේවා ස්ථානවල කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට මාර්ගෝපදේශන මාලාවක්

(UTV | කෝවිඩ් -19) – අද (11) රට විවෘත කිරීමත් සමග කොවිඩ්-19 ව්‍යාප්ති පාලනය කිරීමේ අරමුණින් සේවා ස්ථානවල කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම හා ප්‍රතිචාර දැක්වීම සදහා වන මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබේ.

ඒ, කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීමට තවදුරටත් ගතයුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද රැස්වූ විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව විසින්.

සම්ප්‍රේශණය විය හැකි ක්‍රම, සාමාන්‍ය මාර්ගෝපදේශය, විශේෂිත මාර්ගෝපදේශය ( නිෂ්පාදන කර්මාන්තය, රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල, සත්කාරක කර්මාන්තය, අවන්හල් සහ ආහාර වෙළෙද සැල්, සුපිරි වෙළෙද සැල්, පොදු ප්‍රවාහනය, සත්කාරක අවස්ථා, ආර්ථික මධ්‍යස්ථාන, විශ්ව විද්‍යාල, ඉදිකිරීම් කර්මාන්තය) තාවකාලිකව තහනම් කළ අංශ ගත යුතු උපදෙස් හා ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මක එම මාර්ගෝපදේශණ මාලවේ කරුණු ඇතුලත් කර ඇත.

මෙම කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිලධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු 35 දෙනෙකු නියෝජනය කරන අතර, දින දෙකකට වරක් සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි.

Related posts

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි

Mohamed Dilsad

ඊශ්‍රායලය, ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් රැසක් ජීවිතක්ෂයට

Editor O

ප්‍රා ස හිටපු සභාපති ඇතුළු 6කට බරපතළ වැඩසහිත සිරදඬුවම්

Mohamed Dilsad

Leave a Comment