දේශීය

දුම්රිය ප්‍රවේශ පත්‍රය ලෙස වර්ණ 5 කින් යුත් ටෝකන්

(UTV | කොළඹ) – රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතනවලින් අයදුම්පත් 2800 ක පමණ අයදුම්පත් ලැබි ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමානාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ඒ අනුව එක් එක් දිනයන් සදහා වර්ණ 5 කින් යුක්ත ටෝකන් ලබා දී ඇති අතර එම ටෝකනය දුම්රිය ප්‍රවේශ පත්‍රය ලෙසින් සැලකෙන බවයි.

එසේම මෙම ටෝකනය සතියක කාල සීමාවක් සදහා වලංගු වන අතර ඉදිරි සති සදහා නැවත ලියාපදිංචි විය යුතුයි.

එසේම ආසන වෙන් නොකර පුද්ගලයන් සඳහා දුම්රිය ස්ථානයට පැමිණමෙන් වළකින ලෙස දන්වයි.

රැකියාවට පැමිණෙන සේවකයින් සදහා පමණක් දුම්රිය ධාවනය වන බව සාමානාධිකාරිවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

මත්පැන් ආහාරයක් – ඇමති ලාල් කාන්ත

Editor O

විදුලි කප්පාදුව ගැන තීන්දුව අද

Mohamed Dilsad

රියදුරු බලපත්‍රයේ මුද්‍රණය වෙනත් අංශයකට

Mohamed Dilsad

Leave a Comment