දේශීය

මේ දක්වා සිදුකර ඇති PCR පරීක්ෂණ ගණන 35, 323 ක්

(UTV | කොවිඩ් 19) – කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන PCR පරීක්ෂණ 35, 323 ක් මේ වනවිට සිදුකර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

එමෙන්ම ඊයේ (09) දිනයේදී පමණක් PCR පරීක්ෂණ 1,424 ක් සිදුකර ඇත.

ආසාදිතයන් හඳුනාගැනීම සඳහා රජය, දිනකට සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නංවා ඇති අතර, මේ දිනවල කොළඹ මහල් නිවාස සහ වතු ආශ්‍රිතවද අහඹු නියැදි තුළින් ජෛව සාම්පල ලබාගනිමින් මෙම පරීක්ෂණ සිදුකරනු ලබයි.

මීට අමතරව කොරෝනා වෛරසය ආසාදනය වී කාත්තන්කුඩි මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 55 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා අද ඉන් පිටව ගොස් ඇත.

රෝහල් අධ්‍යක්‍ෂ එම්.එස්.එම්. ජාදීර් කියා සිටියේ ඒ අනුව මේ වනවිට රෝහලේ කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් හත්දෙනෙකු පමණක් ප්‍රතිකාර ලබන බවයි.

Related posts

අවුරුදු 12-15 අතර ළමුන් එන්නත්කරණය සිකුරාදා ඇරඹේ

Mohamed Dilsad

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක්

Mohamed Dilsad

කබ්රාල් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment