දේශීය

ලබන සඳුදා සිට කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ආයතන විවෘතයි

(UTV | කෝවිඩ්-19) – කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර විසින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලබන 11 වනදා කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන විවෘත කිරීම සඳහා පියවර ගෙන ඇති බව පවසයි.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ ඒ අනුව අත්‍යාවශ්‍ය වන සේවක කණ්ඩායම් පමණක් යොදා ගනිමින් සේවා ස්ථානවල කටයුතු ආරම්භ කරන බවයි.

එහිදී රැකියා ගැටළු සහිත කම්කරුවන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

පසුගියදා කොවිඩ් – 19 වෛරස් තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති පෞද්ගලික අංශයේ ව්‍යාපාර සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළේය.

ඒ සම්බන්ධයෙන් වන අවසන් ලේඛනය විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාර දීමට නියමිත බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර සඳහන් කළේය.

Related posts

රණවිරුවන් 14,617 කගේ නිලයන් උසස් කිරීමට පියවර

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

රෝගියා අසළට නොගොස් පරීක්ෂා කරන්න උපකරණයක් (PHOTOS)

Mohamed Dilsad

Leave a Comment