දේශීය

රාජ්‍ය සේවකයින්ට ජනපති ලේකම්ගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – රටේ පවතින වත්මන් තත්ත්වය  හමුවේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා සියලු රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යාංශ, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශිය ලේකම්වරුවන්, දෙපාර්තමේන්තු, සංස්ථා, රාජ්‍ය බැංකු, රාජ්‍ය සමාගම් හා ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව අදාල ඉල්ලීම කර ඇති බව සඳහන්.

ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ලිපියේ සඳහන් වන්නේ රටේ පවතින වත්මන් තත්ත්වය මත රජයේ ආදායම් මාර්ග අවහිර වී ඇති බැවින් විදේශ ණය ආපසු ගෙවිමේ කටයුතු  දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි.

රජ්‍ය සේවයේ වැටුප් හා දිමනා සඳහා මාසිකව රුපියල් බිලියන සියයකට ආසන්න මුදලක් වැය වන අතර එක් මසක එම මුදල  වැන්දඹු අනද්දරු ගෙවීම් සඳහා යෙදවිමට හැකි වුවහොත් රාජ්‍ය ආදායම වැඩි කර ගැනිමට හැකියාව පවතින බව ජනාධිපති ලේකම්වරයා පවසයි.

විවිධ රටවලින් ණය ආධාර හා සහන ලබාගැනිමට මෙන්ම අප විසින් ද අපේගේ දේශිය ශක්තිය විඳහා පෑම අවශ්‍ය බැවින් තමාගේ මාසික වැටුප වැන්දඹු අනද්දරු දායකත්වය සඳහා යෙදවිමට මේ වන විටත් උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා පෙන්වා දෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු කාර්යය මණ්ඩලය ද මෙම කාර්යයට සහභාගී කරවිම දිරි ගැන්විමට කටයුතු කරන බව ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කර ඇති ලිපියේ සඳහන්.

ඇතැමුන්ට මාසක වැටුප දීම අපහසු විය හැකි වුවද, ඉන් අඩක්, සතියක වැටුපක්, දිනක වැටුපක් වශයෙන් දායකත්වය ලබාදිය හැකි යැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම්වරයා පවසයි.

මෙවැනි දායකත්වයන් තුළින් රාජ්‍ය සේවය නම් වූ උත්තරීතර සේවාව ශක්තිමත් කිරිමට ද එහි ගෞරවනීයත්වය රැක ගැනිමට මෙම ක්‍රියාව මඟින් හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

ගුරු වැටුප් වැඩි කර ගැනීමට ස්ටාලින් යළි සටන අරඹයි

Editor O

මාලිමා මැයි රැළිය ට යන ගමන් අධිවේගී මාර්ගයේ නීති උල්ලංඝනය කළ මාලිමා ආධාරකරුවන්ට වැඩ වරදී – නීතිය ක්‍රියාත්මක නොකළ පොලීසියටත් වැඩ වරදී

Editor O

කොටගල එකම පවුලේ 17 කට කොව්ඩ්

Mohamed Dilsad

Leave a Comment