දේශීය

පවතින තත්ත්වය හමුවේ රාජකාරී සිදුකරන රජයේ ක්ෂේත‍්‍ර නිලධාරීන්ට අමතර දීමනා

(UTV | කොළඹ) – ඇතිව තිබෙන වසංගත තත්ත්වය හමුවේ රාජකාරියේ නිරතව සිටින රජයේ ක්ෂේත‍්‍ර නිලධාරීන් සදහා ගමන් වියදම් ඇතුළු අමතර දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ග‍්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සදහා මෙම දීමනාව හිමිවන බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

මෙම නිලධාරීන්ට ඉන්ධන දීමනාව ලෙස රුපියල් 450 ක්ද, වෙනත් වසමක වැඩ බලන්නේ නම් තවත් රුපියල් 150 ක් සමග රුපියල් 600 ක් ද, දුරකතන දීමනාව ලෙස රුපියල් 100 ක් සහ ගමන් වියදම් ලෙස රුපියල් 1200 ක් ද වශයෙන් අමතර දීමනාවක් හිමිවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ කෘෂිකර්ම මහවැලි සංවර්ධන හා අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහත්වරුන් විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

Related posts

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ට විශේෂ නියෝගයක්

Mohamed Dilsad

ජපුර සිසුවාගේ සිද්ධියට සම්බන්ධ 15 කට පන්ති තහනමක්

Mohamed Dilsad

කච්චතිව් දූපත ට අදාළව ඉන්දීයාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Editor O

Leave a Comment