දේශීය

සිංගප්පූරුවේ රැඳී සිටි සිසුන් රැගත් යානය කටුනායකට

(UTV | කොවිඩ් 19) – පවතින තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 186 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම සිසුන් පිරිස සහ ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු සියල්ල ද විශබීජහරණය කිරීමට ලක් කෙරුණි.

පසුව මෙම පිරිසව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඔවුන්ගේ බස් රථ මගින් නිරෝධායන කටයුතු සඳහා රැගෙන යනු ලැබීය.

Related posts

අදත් වැසි කාලගුණය

Mohamed Dilsad

සූදු ක්‍රීඩා නියාමනයට අධිකාරියක්

Mohamed Dilsad

බීමතින් කැලණි ගඟේ නෑමට ගිය තරුණයා අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment