දේශීය

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් දියත් කෙරේ

(UTV | කොළඹ ) – ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් මෙරට අපනයන කර්මාන්තය නගා සිටුවීම සඳහා සතියකට ලොව පුරා ගමනාන්ත 27ක් වෙත සිය ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් දියත් කිරීමට තීරණය කර තිබේ.

එළඹෙන 18 වනදා සිට මෙම වැඩසටහන දියත් කිරීමට නියමිතව ඇත.

ඒ යටතේ ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා මගින් යුරෝපයේ ලන්ඩන්, ෆ්‍රැන්ක්පර්ට්, චීනයේ බීජිං, ෂැංහයි, ග්වැන්ෂෝ, කැන්ටන්, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, සිංගප්පූරුව, ජපානයේ ටෝකියෝ, නරීටා, දෝහා, ඩුබායි, මාලේ, ඩකා වැනි ගමනාන්ත කරා රැගෙන යාමට නියමිතයි.

මේ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ 320 සහ ඒ 330 එයාර් බස් වර්ගයේ නවතම ගුවන් යානා යෙදවීමට අපේක්ෂා කර තිබේ.

Related posts

අරමුදල් හිඟයකින් ඇමරිකාවේ අත්‍යාවශ්‍ය නොවන සේවා වසා දමයි

Editor O

කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු 2 වන අධියර ලබන සඳුදා සිට

Mohamed Dilsad

ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment