දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

(UTV | කෝවිඩ්-19) – අද (04) අළුයම 05.00ට කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය ඉවත් කෙරිණි.

අද රාත්‍රි 08.00ට ඇඳිරි නීතිය පනවන අතර මැයි 06 වන බදාදා තෙක් රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට මැයි 06 වන බදාදා රාත්‍රී 08.00ට ඇඳිරි නීතිය පැනවිමෙන් පසු එම දිස්ත්‍රික්කවලට මැයි 11 වන සඳුදා අළුයම 05.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වේ.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 11 වනදා තෙක් ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

11 වනදා සිට එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජිවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Related posts

මේ වසරේ ගතවූ මාස 11 තුළ, යතුරුපැදි 223,423 ක් ලියාපදිංචි කරලා

Editor O

අමාත්‍ය රුවන් විජේවර්ධන කාරක සභාව හමුවේ සාක්ෂි දීම ආරම්භයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ බංගලාදේශයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ කණගාටුව

Mohamed Dilsad

Leave a Comment