දේශීය

වෙළඳ කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට ජනපතිගේ අවධානය

(UTV | කොළඹ) – ගොවීන්, පාරිභෝගිකයන් සහ නිෂ්පාදන සැපයුම්කරුවන් අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අවධානය යොමුකර ඇත.

ඒ අද ආයතන කිහිපයක නිලධාරීන් සමග පැවති විමර්ශන සාකච්ඡාවකදීයි. මේ සඳහා කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා අපනයන අමාත්‍යංශ ලේකම්වරුන් සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සහභාගී විය.

එහිදී තොග සැපයුම්කරුවන්, තොග ගැණුම්කරුවන්, භාණ්ඩ එකතු කරන්නන්, හෝටල් වැනි මහා පරිමාණ ගැණුම්කරුවාගේ සිට දෛනික පාරිභෝගිකයා දක්වා වූ කෘෂි භෝග අලෙවිකරණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

පහසු සහ සරල තාක්ෂණය භාවිත කරමින් ඕනෑම අයෙකුට ඩිජිටල් හුවමාරුවට සම්බන්ධවීමේ හැකියාව තිබිය යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

මෙහි අවසන් ප්‍රතිඵලය ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම බව ද ඔහු පෙන්වා දෙයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තාක්ෂණය මගින් සම්බන්ධ කරමින් ගොවීන් සහ ගැණුම්කරුවන් පහසුවෙන් සම්බන්ධ කිරීමට ඩිජිටල් තාක්ෂණය යොදාගත හැකි අතර එමගින් අතරමැදියාගෙන් ලැබෙන මුදලට වඩා වැඩි මිලක් ගොවියාට ලබාගැනීමට හැකිවනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මධ්‍යම ගමනාගමන මණ්ඩලය දුම්රිය සහ තැපැල් දෙපාර්තමේන්තුව ද ඩිජිටල් තාක්ෂණ මෙහෙයුම් ප්‍රවාහන ක්‍රියාවලියට යොදාගත යුතු බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට‍

Mohamed Dilsad

ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

තනි පුද්ගල ආදායම් බදු වාර්තාව සකසා ගැනීමට උපකාරක සේවාවක්

Editor O

Leave a Comment