දේශීය

විශ්‍රාම වැටුප ඇතුළු සෙසු දීමනා ලබන මස 10 වැනිදාට පෙර

(UTV | කොළඹ ) – විශ්‍රාම වැටුප ඇතුළු සෙසු දීමනා ලබන මස 10 වැනිදාට පෙර ලබාදීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය සතු බව අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල සඳහන් කළේය.

මෙලෙස විශ්‍රාම වැටුපට අමතරව ආබාධිත දීමනාව, වකුගඩු දීමනාව, සමෘද්ධි සහ වැඩිහිටි දීමනා ඇතුළු සෙසු දීමනා නිශ්චිත දිනට ලබාදීමට පියවර ගැනෙනු ඇත.

රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප ලබන මස 25 වැනිදා නියමිත පරිදි ගෙවීමටද කටයුතු කරන බව එස්.ආර් ආටිගල වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත් කොරෝනා

Mohamed Dilsad

පාසල් දරුවන් අතර ශ්වසන රෝග අවධානමක්

Editor O

අද විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment