දේශීය

විශ්‍රාම වැටුප ඇතුළු සෙසු දීමනා ලබන මස 10 වැනිදාට පෙර

(UTV | කොළඹ ) – විශ්‍රාම වැටුප ඇතුළු සෙසු දීමනා ලබන මස 10 වැනිදාට පෙර ලබාදීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය සතු බව අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල සඳහන් කළේය.

මෙලෙස විශ්‍රාම වැටුපට අමතරව ආබාධිත දීමනාව, වකුගඩු දීමනාව, සමෘද්ධි සහ වැඩිහිටි දීමනා ඇතුළු සෙසු දීමනා නිශ්චිත දිනට ලබාදීමට පියවර ගැනෙනු ඇත.

රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප ලබන මස 25 වැනිදා නියමිත පරිදි ගෙවීමටද කටයුතු කරන බව එස්.ආර් ආටිගල වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට කොරෝනා ආසාදනය වෙයි

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වුණත්, අනන්‍යතාව තහවුරු කර ඡන්දය දාන්න පුළුවන් – මැතිවරන කොමිෂන් සභාව

Editor O

කැලණි පාලම හරහා ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment