ගොසිප්

නාවික සෙබළුන් රැසක් එකවර ආසාදිත වීමට හේතුව

(UTV |කොළඹ ) – වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබලුන් 29 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාධනය වීමට හේතුව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැහැදිලි කරයි.

ඔහු සඳහන් කළේ මෙලෙස නාවික හමුදා සෙබළුන් රැසක් එකවර ආසාධනය වී ඇත්තේ සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමට මැදිහත් වූ  නාවික භටයෙකුගෙන් බවයි.

නමුත් මෙම සෙබළුන් PCR පරීක්ෂාව සඳහා යොමු කෙරුණේ පොළොන්නරුවේ සිට පැමිණි නාවික භටයාට රෝගය ආසාධනය වීමෙන් පසුව බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙලෙස PCR පරීක්ෂාවට යොමු කෙරුණු තවත් නාවික භටයින් පිරිසකගේ පරීක්‍ෂණ වාර්තා අද දින පැමිණීමට නියමිත බවද කොවිඩ් 19 මර්ධන ව්‍යාපාරයේ ප්‍රධානී හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

Related posts

යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය අළුත් වෙයි

Mohamed Dilsad

දිවයිනට පැමිණි බැසිල් රාජපක්‍ෂ පක්ෂය ගැන කියූ කතාව

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දළදා මාලිගයට

Mohamed Dilsad

Leave a Comment