දේශීය

වනජීවි නිලධාරියාට වෙඩි තැබූ සැකකරුවන් හෙට අධිකරණයට

(UTV | කොළඹ) – ඊයේ (22) රාත්‍රී කාලයේ දඹගල්ල පොලිස් වසමේ ගල්ඔය ජාතික වනෝද්‍යානයේ වැටලීම් කටයුතු සඳහා පිටව ගොස් සිටි ඉඟිණියාගල වනජීවි නිලධාරියාට වෙඩි තැබීමේ සිදුවීමට සැකපිට අත්අඩංගුවට පත් සිව්දෙනා හෙට (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම වෙඩි තැබිමෙන් ජීවිතක්ෂයට පත්වූයේ වයස අවරුදු 25 ක් වන ඉඟිණියාගල වනජීවි කාර්යාලයට අනුයක්තව සේවය කළ නිලධාරීයෙකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු වෙඩි තැබීමට උපයෝගී කරගත් බොර 12 ගිනි අවියක් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනා හෙට දිනයේ දී මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

තායි ජාතික කාන්තාවක් ගුවනින් ගෙනා, රුපියල් කෝටි 10ක් වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදි අල්ලයි.

Editor O

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් යළිත් රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

බැඳුම්කර අක්‍රමිකතා සම්බන්ධයෙන් අධි චෝදනා ගොණු කරයි

Mohamed Dilsad

Leave a Comment