ගොසිප්

ආනයනය අත්හිටවූ භාණ්ඩ මෙන්න

(UTV |කොළඹ ) –  හඳුනා ගත් භාණ්ඩ සඳහා ආනයනය සීමා කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ  දිවයින තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිර යාමත් සමඟ විනිමය අනුපාතිකයට හා මූල්‍ය වෙළෙඳපොලට එල්ල වී ඇති පීඩනය අවම කිරීම සඳහාය.

මේ අනුව ආනයනය සීමා කරන භාණ්ඩවලට අදාළව ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම භාණ්ඩ අතර බාස්මතී සහල් හැර අනෙකුත් සහල් සහ රටකජු වැනි කෘෂි නිෂ්පාදන ද ඇතුළත්ව දේශීයව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ රැසක්ද ඊට ඇතුළත් වේ.

තවද ප්ලාස්ටික් භාණ්ඩ සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසකද ආනයනය අත්හිටුවා තිබේ.

ඊට අමතරව ගොඩනැඟිලි ඉදිකිරීම් ද්‍රව්‍ය, විදුලි හා විද්‍යුත් උපාංග, තිරිඟු පිටි වැනි හඳුනාගත් ද්‍රව්‍ය ණය පදනම මත පමණක් එනම්, මාස 03ක කාලයකින් පසුව ගෙවීම් කිරීමේ පදනම මත පමණක් ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

Related posts

චන්දික හතුරුසිංහගේ නව කොන්ත‍්‍රාත්තුවේ වැටුප් කප්පාදුවක්

Mohamed Dilsad

බෝල්රූම් ඩාන්ස් තහනම් වෙයි

Mohamed Dilsad

මාලිංග තරග දිනවන්නෙක් – මුම්බායි නායක ශර්මා

Mohamed Dilsad

Leave a Comment