ගොසිප්

මැතිවරණයට දිනයක් ගැසට් කිරීමට සුදානම්

(UTV | කොළඹ ) – මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට(20) දිනයේ මැතිවරණ කොමිසමේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදී මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ගැසට් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිත බව වාර්තාවේ.

හෙට පස්වරුවේ පැවැත්වෙන මෙම හමුව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකු කැඳවා තිබේ.

ව්‍යවස්ථානුකූලව එය කළ යුතුම තත්ත්වයක් උදා වී ඇති නිසා එම කටයුත්ත සිදුකිරීමටත් මැතිවරණය පැවැත්වීමට සුදුසු තත්වයක් ඇති බවට නිර්දේශ අදාල බලධාරීන්ගෙන් ලිඛිතව ලබා ගැනීමටත් කොමිසමේ සාමාජිකයන් අතර මීට පෙර සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තාවේ.

Related posts

බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඊට ඇතුළුවීමෙන් වහාම වළකින්න

Mohamed Dilsad

‘අගමැති යන්න එපා’ – පොහොට්ටුවෙන් ඉල්ලීම්

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස කෞෂි පත් කරයි

Mohamed Dilsad

Leave a Comment