දේශීය

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

(UTV |කොළඹ ) – අමාත්‍ය මහින්ද අමරවීර විසින් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව කොවිඩ් 19 වසංගතය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කටයුතු කරන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

පසුගිය මාර්තු මස 10 දිනෙන් කල් ඉකුත් වු රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ කර තිබු කාල සීමාව අප්‍රේල් මස 15 දිනෙන් අවසන් විය.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා නැවත එම කටයුතු ආරම්භ කළ හැකි දිනයක් නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි වන බැවින් කොවිඩ් 19 වසංගතය අවසන් වන තෙක් කල් ඉකුත්වු රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ග කිරීමට පියවර ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවති සාකච්චාවකදී පවසා සිටියේය.

Related posts

කිරි ගොවීන්ට වැඩි මුදලක්

Mohamed Dilsad

හිඟ විදුලි බිල්පත් ගෙවන්න සහන කාලයක්

Mohamed Dilsad

තවත් කොවිඩ් ආසාදිත පොකුරක් හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment