දේශීය

මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරයි

(UTV | කොළඹ) – අවසර සහිතව මහ මාර්ගවල ගමන් කරන පුද්ගලයින් සඳහා මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.
ඒ අනුව මුහුණු ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන පුද්ගලයින් ආපසු හරවා යැවීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ පොලීසිය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

Related posts

අද සිට වෘත්තීය ත්‍රිරෝද රියදුරන්ට ඉන්ධන ලීටර 10 ක්

Mohamed Dilsad

තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ

Mohamed Dilsad

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දෙන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment