දේශීය

සැලසුම් සහගත ක්‍රමවේදයන් හේතුවෙන් කොරෝනා යම් තරමකට පාලනය කිරීමට හැකිවුණා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලසුම් සහගත ක්‍රමවේදයන් හේතුවෙන් යම් තරමකට පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල තවදුරටත් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මේ අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා සදහන් කළේ ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට තමා ඇතුළු හමුදාවට හැකියාව පවතින බවයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

සෞඛ්‍ය සේවක අතීකාල දීමනා ගැටළුව නොවිසඳන්නේනම් වැඩ වර්ජනයක් කරනවා – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ්

Editor O

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Leave a Comment