දේශීය

කොරෝනා මැඬලීමට ඇමරිකාවෙන් ඩොලර් මිලියන1.3ක පරිත්‍යාගයක්

(UTV | කොළඹ) – මෙරට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1.3 ක මුදලක් පරිත්‍යාගය කර තිබේ.

දුෂ්කර අවස්ථාවක මිතුරු රටක් වෙත සහයෝගීතාව පළ කිරීමේ පියවරක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකරන බව කොළඹ එක්සත් ජනපද කාර්යාලය අවධාරණය කළේය.

එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ මෙම මූල්‍යාධාරය මගින් මෙරට සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව ද වැඩි දියුණු කළ හැකි වනු ඇති බවයි.

Related posts

ඇමෙරිකාවේ බදු ගැන වහා සාකච්ඡා කළ යුතුයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

Editor O

බාල ගල් අඟුරු නිසා විදුලි ගාස්තු 15-20%කින් ඉහළ දැමීමට සිදුවේවි…!

Editor O

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

Leave a Comment