දේශීයව්‍යාපාරික

උඩරට සහ පහතරට තේ සඳහා වාර්තාගත මිලක්

(UTV | කොළඹ) –  පවතින අවධානමත් සමග සති කිහිපයකට පසු කොළඹ දි ඊයේ (08) පැවැත්වු තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට තේ සඳහා වාර්තාගත මිලක් ලැබී ඇත.

ඒ අනුව, වතු අධිකාරීවරුන් පැවසුවේ උඩරට සහ පහතරට තේ කිලෝවක් සදහා රුපියල් 700 ක මිලක් ලැබුණු බවයි.

මෙම මිල අවසන් වරට පැවති තේ වෙන්දේසියේදී තේ කිලෝවක් සදහා ලැබුණු මිලට වඩා වඩා රුපියල් සියයක පමණ වැඩිවීමක්.

මධ්‍යම කදුකරයට පුරා මාස හතරක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග තේ ඵලදාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු විය.

කොවිඞ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග ලෝක වෙලදපොලේ ශ්‍රී ලංකාවේ තේ සදහා ඉහල ඉල්ලුමක් නිර්මාණය වී තිබෙන අතර, මේ දිනවල විදේශිකයන්ද තේ පානයට වැඩි වශයෙන් නැඹුරු වී ඇත.

Related posts

මහ මැතිවරණය කල් දැමිය යුතුයි – කැෆේ සංවිධානය

Mohamed Dilsad

දේශීය වෙදකම පිළිබඳව ජනපති අවධානය

Mohamed Dilsad

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Editor O

Leave a Comment