දේශීය

අත්‍යාවශ්‍ය රාජකාරිවල නිරතවූවන් හට හෙට සිට නව කොන්දේසියක්

(UTV | කොළඹ) – අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතුවල නිරත රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන්ට ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිත කිරීමට සිය රාජකාරී හෝ ජාතික හැඳුනුම්පතට අමතරව සේවා ස්ථානයේ ප්‍රධානියා විසින් සහතික කරන ලද ලිපියක් ඉදිරිපත් කළ යුතු බවට නව කොන්දේසියක් පනවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මෙම නව කොන්දේසිය හෙට (10) සිට ක්‍රියාත්මක වන බව ද ඊයේ දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම නව කොන්දේසිය වෛද්‍යවරුන් සහ මාධ්‍ය ආයතනවලට අදාල නොවන බවද ඔහු සඳහන් කළේය.

Related posts

ළමා රෝහලට එන දරුවන්ගෙන් බහුතරයකට මන්දපෝෂණය

Mohamed Dilsad

පිලිපීනයේ භූමිකම්පාවක් : සුනාමි අනතුරු ඇඟවීම්

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment