දේශීය

අත්‍යාවශ්‍ය රාජකාරිවල නිරතවූවන් හට හෙට සිට නව කොන්දේසියක්

(UTV | කොළඹ) – අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතුවල නිරත රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන්ට ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිත කිරීමට සිය රාජකාරී හෝ ජාතික හැඳුනුම්පතට අමතරව සේවා ස්ථානයේ ප්‍රධානියා විසින් සහතික කරන ලද ලිපියක් ඉදිරිපත් කළ යුතු බවට නව කොන්දේසියක් පනවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මෙම නව කොන්දේසිය හෙට (10) සිට ක්‍රියාත්මක වන බව ද ඊයේ දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම නව කොන්දේසිය වෛද්‍යවරුන් සහ මාධ්‍ය ආයතනවලට අදාල නොවන බවද ඔහු සඳහන් කළේය.

Related posts

ජූනි 21 වනදා ශ්‍රී ලංකාවට සූර්යග්‍රහණයක්

Mohamed Dilsad

අද සිට ජනවාරි 31 දක්වා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

මාස දෙකහමාරක් තුළ මැගසින් බන්ධනාගාරයට උඩින් පාර්සල් 54 ක්

Mohamed Dilsad

Leave a Comment