Trending News

මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් ජනතාවට ජනපතිගෙන් නිවාස

(උදයම්,කොළඹ)  – මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර ඊයේ(25) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදීය.

මීතොටමුල්ලේ විපතට පත් පවුල් 98ක් සඳහා නිවාස ලබාදීමට තීරණය වී තිබූණි.ඉන් කොටසකට පසුගියදා නිවාස ලබාදීම ද මෙහිදී සිදු විය.

ඉතිරි පවුල් 65ක් සඳහා දෙවන අදියර යටතේ ඊයේ (25) දිනයේ නිවාස ලබාදුන්නේය.

මේ අතර සිය නිවෙස්වල භාණ්ඩ හානි සඳහා ලබාදීමට නියමිත රුපියල් දෙලක්ෂ පනස්දහසේ මුදල තමන්ට නොලැබුණු බව, නව නිවාස ලබාගැනීම සඳහා පැමිණි ඇතැම් පිරිස් චෝදනා කර සිටියේය.

Related posts

கொச்சி விமான நிலையத்திற்கு பூட்டு

Mohamed Dilsad

South Korean leader impeached, leaves Presidential Palace

Mohamed Dilsad

“Business chambers failed to stand with Muslim-owned SMEs” – Minister Rishad

Mohamed Dilsad

Leave a Comment