විදෙස්

ඉතාලියේ වෛද්‍යවරු 94 ක් කොරෝනා හේතුවෙන් ජීවිතක්ෂයට

(UTV | ඉතාලිය) –  කොවිඩ් 19 හේතුවෙන් ඉතාලියේ වෛද්‍යවරුන් 94 දෙනකු මියගොස් ඇති බව එරට වෛද්‍යවරුන්ගේ සංගමය අද (07) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම වෛරසය ආසාදනය වීමෙන් හෙදියන් 26 ක් ද මියගොස් ඇතැයි ඉතාලියේ හෙද සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර තිබේ.

මුඛ ආවරණ, අත්වැසුම්, පෞද්ගලික ආරක්ෂණ උපකරණ, ආරක්ෂිත ඇඳුම් කට්ටල යනාදී වෛද්‍ය සැපයුම්වල හිඟය වෛද්‍යවරුන්ට, හෙදියන්ට, සෞඛ්‍ය වෘත්තිකයන්ට, රෝහල් කාර්යමණ්ඩලවල වෛරසය ආසාදනය වීමට ප්‍රධාන හේතුව යැයි ද සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Related posts

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඵලදායිතාව වයසත් සමඟ ඉහළ යන බව‍ හෙළිවේ

Mohamed Dilsad

මාලි රාජ්‍යයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 40ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment