දේශීය

ජනාධිපති ‍කාර්යය සාධක බලකායේ අද පැවති රැස්වීමේදී තීරණ කීපයක්

(UTV | කොළඹ) –  අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති ‍කාර්යය සාධක බලකායේ විශේෂ රැස්වීමක් එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සෞඛ්‍ය අමාත්‍යවරියගේ ද සහභාගීත්වයෙන් අද (07) පැවැත්විය.

මෙහිදී සෞඛ්‍ය කේෂ්ත්‍රය සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ ,

01. අප්‍රේල් මස 9 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දිවයින පුරා සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබිය යුතුයි.

02. සියලුම ආයුර්වේද රෝහල් ඇඳිරි නීති කාලය තුළ විවෘතව තැබිය යුතුයි.

03.සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එක් බෙහෙත් ශාලාවකට හෝ ඇඳිරි නීති කාලය තුළ ජංගම සේවා සඳහා අවසර ලබා දී තිබේ.

04. කොත්තමල්ලි, ඉඟුරු හා වෙනිවැල්ගැට ආනයනයට පියවර ගැනීම.

05.ආයුර්වේද ප්‍රතිකාර ලබන රෝගීන්ට නිවාස වෙතම තැපැල් මඟින් ඖෂධ බෙදා හැරීම.

Related posts

නෙළුම්පොකුණේ සිට පා ගමනක් ඇරඹේ

Mohamed Dilsad

කොළඹ නගරයේ ජනතාවට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

මහර ගැටුමෙන් තුවාල ලැබූ ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment