දේශීය

දරුවන් ගැන අවධානයෙන් පසුවන ලෙසට මව්වරුන්ගෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ ද ළමයින් තුළ කොරෝනා වෛරසය පැවතිය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

වෛද්‍යවරයා කියා සිටින්නේ කොරෝනා වෛරසය ආසාදනය වීමේ හැකියාවක් සහිත පසුබිමක් පවතින්නේ නම් මව්වරුන් ළමයින් සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ යුතු බවයි.

ළමයින් මේ දිනවල නිවෙස් තුළට පමණක් කාලය ගත කිරීම හේතුවෙන් ඇති වන මානසික ආතතිය දුරලීම සඳහා විවිධ ක්‍රියාකාරකම්වල නිරතවීම වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

කොරෝනා ආසාධිතයන් 43 ක් දක්වා ඉහළ යයි

Mohamed Dilsad

වැට් බදු ගෙවීමට සහන කාලයක්

Mohamed Dilsad

ඇමති ධුර බෙදී ගිය ආකාරය ජනපති පහදයි[PHOTO]

Mohamed Dilsad

Leave a Comment