දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනා කීපයක්

(UTV | කොළඹ) –  කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා 80% ක ප්‍රශස්ථ සංචරණ සීමාවක් සහතික කිරිම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 8 වැදැරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබේ.

දිවයිනේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022 හි, සිටින ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ සමෘද්ධි නිලධාරී යොදා ගනිමින් එම වැඩපිලිවෙල ක්‍රියාවට නැංවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ දැනට ඉන්සියුලින් භාවිත කරන රෝගියෙකුටම ඉන්සියුලින් ලැබීම සහතික කරන ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

Related posts

ජනාධිපති ‍කාර්යය සාධක බලකායේ අද පැවති රැස්වීමේදී තීරණ කීපයක්

Mohamed Dilsad

බම්බලපිටියේ ගොඩනැගිල්ලක් ගින්නක්

Mohamed Dilsad

මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment