දේශීය

බන්ධනාගාර බස් රථයක් අනතුරට

(UTV |නුවරඑළිය)  – නුවරඑලිය සිට බදුල්ල බන්ධනාගාරය දක්වා ධාවනය වු බන්ධනාගාර බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් අනතුරට ලක්ව තිබේ.

එහිදී  එම බස් රථයේ ගමන් ගත් බන්ධනාගාර නිලධාරින් හයදෙනෙකු නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

නුවරඑලිය පොලිසිය පැපැවසුවේ අද පස්වරු 5.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇති බවයි.

ඒ නුවරඑලිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල උද්භිද උද්‍යානය අසල මහ වංගුව ප්‍රදේශයේදිය.

අනතුරෙන් බන්ධනාගාර නිලධාරිනියන් තිදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු  තුවාල ලබා රෝහල් ගත කර තිබේ .

බස් රථය අනතුරට පත් වන අවස්තාවේ රැදිවියන් නොසිටි ඇති අතර, මාර්ගයෙන් ඉවතට පැන ඇති බස් රථය නිවසක් මතට පෙරළී ඇත .

එම නිවසටද දැඩි අලාභ හානි සිදු වී ඇති බව අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය පවසයි.

 

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

ජනාධිපති අරමුදලේ සේවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින්

Editor O

Leave a Comment