දේශීය

අත්‍යාවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙන යාමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය

(UTV |කොළඹ ) – දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත පවතින තත්ත්වය යටතේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බලය පැවරීමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කටයුතු කර තිබේ.

මේ වනවිට ඖෂධ නිවෙස් වලටම බෙදාහැරීමේ වැඩසටහන යටතේ ප්‍රදේශ කිහිපයක රෝගී ජනතාව වෙත ඖෂධ ගෙන ගොස් භාරදීමද ක්‍රියාත්මකයි.

පවතින තත්වය යටතේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත බලය පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එමෙන්ම ඒ ඒ දිස්ත්‍රික්කයේ සේවාවන් සැපයීමට විධායක මට්ටමේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් සහායක නිලධාරී කණ්ඩායමක් පත්කර ගන්නා ලෙසත් , ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සෑම නිවසකටම බෙදාහැරීම සදහා රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාරික ආයතන මෙන්ම සුපිරි වෙළදසැල් වල ජංගම සේවාවන් සංවිධානය කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවාවන්ට සහභාගි වන තොග සහ සිල්ලර වෙළෙන්දන් හට අවශ්‍ය ඇඳිරි නීති බලපත්‍ර ලබාදීමට අදාල පොලිස් ස්ථාන වෙත නිර්දේශ කරන බවද රාජ්‍ය පරිපාලන ලේකම්වරයා‍ සිය නිවේදනයෙන් පවසයි.

Related posts

පැය අටකදී විදෙස් ජාතිකයන් 136 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

“ගන්ධාර: පකිස්ථානයේ බෞද්ධ උරුමය” වාර්තා චිත්‍රපටය

Mohamed Dilsad

පරීපූරක වෛද්‍ය වෘත්තීකයෝ 06 වෙනිදා සංකේත වැඩ වර්ජනයක

Editor O

Leave a Comment