විදෙස්

පෑනකින් කොරෝනා වෛරසය ආසාදනය වෙයි

(UTV |නවසීලන්තය ) – කොරෝනා ආසාදිතයෙකුට දුන් පෑනක් නිසා තවත් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ පුවතක් නවසීලන්තයෙන් වාර්තාවේ.

මිතුරෙකු විසින් අදාළ පුද්ගලයාගේ පෑන රැගෙන ගොස් ඇති අතර තත්පර 30 ක පමණ කාලයකින් අනතුරුව එම පෑන යළි ඔහු වෙත ගෙනැවිත් දී තිබුණි.

ඉන් දින කිහිපයකට පසුව නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් එම පුද්ගලයා හට දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළවී ඇති බවයි.

ඒ නිසා වහාම පැමිණ කොරෝනා පරීක්ෂණයක් සඳහා යොමු වන ලෙස ඔහුට දැනුම් දී ඇත.

මෙලෙස රෝගය ආසාදනය එඋ
58 හැවිරිදි මෙම පුද්ගලයා දකුණු දුපතේ වේක්ෆීල්ග්හි පදිංචිකරුවෙකි.

ඔහුට සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස සහ තවත් රෝග ලක්ෂණ මතුවී තිබූ නමුත් ඔහු ප්‍රතිකාර ලබා ගැනීමට යාමට උනන්දුවක් දක්වා නොමැත.

කෙසේවෙතත්, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය ලබාදී තිබූ උපදෙස් සියල්ල පිළිපැදි තමන්ට කොරෝනා ආසාදනය වූයේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකු භාවිත කළ පෑනක් නිසා බව ඔහු පවසා ඇත.

Related posts

ට්‍රම්ප් – පුටින් සාකච්ඡා සාර්ථකයි

Mohamed Dilsad

ඇමරිකානු, උතුරු කොරියානු නායකයින්ගේ හමුවීමගැන CIA නායකයාගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

නාසා ආයතනය රුසියානු සහාය ගත් අවසන් අභ්‍යාවකාශ මෙහෙයුම

Mohamed Dilsad

Leave a Comment