දේශීය

කලුතර අටුළුගම වැසේ

(UTV |කලුතර) – කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග්‍රාමය අද (27) පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.

ඒ නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින්.

මෙම ගමේ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

ඔහු ඒ බව නොදැන ගමේ නිවෙස් බොහොමයකට ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති නිසා මෙම පියවර ගැණුනි.

ඒ අනුව අටළුගම නිවාස 26 ට අයත් පුද්ගලයන් 200 දෙනකු පමණ සම්පුර්ණයෙන්ම ස්වයං නිරෝධායනයකට ලක්කෙරෙනු ඇත.

මෙහිදී කිසිවකුට එම ගමෙන් පිටවීමට හෝ ගමට ඇතුලූ වීමට හෝ අවසර නොදෙන බව ආරක්ෂක අංශ කියයි.

පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාවේ නිලධාරීන් යොදාවා ඇඳීරිනීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවත් පොලිසිය පවසයි.

Related posts

ඉන්දියානු ඖෂධය අත්හිටුවීමෙන් පසු රෝගීන් අට දෙනෙකුට දීලා | වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා බාරගත යුතුයි..! – රවී කුමුදේශ්

Editor O

ඉන්ධන බෙදාහැරීමට විදෙස් සමාගම් එක්වෙයි

Mohamed Dilsad

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව 70,000 කට ආසන්න පිරිසකට

Mohamed Dilsad

Leave a Comment