දේශීය

ඉදිරි දින 10 තීරණාත්මකයි

(UTV |කොළඹ) – ඉදිරි කාලය තුළ ජනතාව   සෞඛ්‍ය උපදෙස් අකුරටම පිලිපැදීමට අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එසේ පියවර නොගතහොත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තියේ විශාල වැඩි වීමක් බලාපොරොත්තු වියහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ පසුගිය දිනවල ජනතාව අතර සමාජ දුරස්ථකරණය අසාර්ථකවූ බවයි.

සමාජ දුරස්ථකරණය අසාර්ථකව සිදුකළ බටහිර රටවල දත්ත සැලකීමේදී අද (25) සිට අප්‍රේල් මස 7 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව ඔහු කියා සිටියි.

මේ නිසා බලධාරීන් විසින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් එම කාලය තුළ සතුටුදායක ප්‍රවණතාවයක් අපේක්ෂා කළ හැකි බව හරිත අලුත්ගේ මහතා පවසයි.

 

 

Related posts

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් ඇඳිරිනීතිය

Mohamed Dilsad

ඇමති නලින්ද ජයතිස්සට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Editor O

කිරිපිටි මිල ගැනත් ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment