දේශීය

සුළු වැරදි සඳහා දඬුවම් ලැබ සිටින්නන්ට සහන සැලසීමට පියවර

(UTV | කොළඹ) – සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් සඳහා නෛතික සහන සැලසීමට ඇති හැකියාව නිර්දේශ කිරීමට ජනාධිපතිතුමා පත් කළ විශේෂ කමිටුව අද (24) ජනාධිපති කාර්යාලයේ දී එතුමා හමු වූ අවස්ථාවේ දී මේ උපදෙස් දෙනු ලැබීය.

දැනට දඩ මුදල් ගෙවීමට හෝ ඇප මුදල් හෝ පුද්ගල ඇප ලබාදීමට අපොහොසත් රැඳවියන්ට නෛතික ප්‍රතිපාදන සැලසීමට නිර්දේශ ඉදිරිපත් කරණු පිණිස කමිටුව මාර්තු 26 වනදා ජනාධිපතිතුමා යළි හමුවීමට නියමිතය.

නීතිඥ කමිටුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සමන්විතය.

සුළු වැරදි සඳහා රිමාන්ඩ් භාරයේ සිටින සියලුම රැඳවියන් රටතුල පවතින තත්වය සැලකිල්ලට ගෙන වහාම බන්ධනාගාර තුලින් මුදා හැරීමට පියවර ගන්නා ලෙසට ජාතික හෙළ උරුමයේ හිටපු නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ද රජයෙන් ඉල්ලා සිටියහ.

පවතින තදබදය හේතුවෙන් යම් හෙයකින් බන්ධානාගාර තුල කොරෝනා වසංගතය ව්‍යාප්ත වුවහොත් භයානක ඉරණමකට මුහුණදීමට සිදුවන බව උන්වහන්සේ පෙන්වා දෙයි.

Related posts

තද වැසි තත්ත්වයේ තාවකාලික අඩු වීමක්

Mohamed Dilsad

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු කටයුතු යළි ඇරඹේ

Mohamed Dilsad

තවත් කොමසාරිස්වරයෙක් පත් කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment