දේශීය

සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් අද ලබාදීමට පියවර

(UTV|කොළඹ) – අද (23) දිනයේ සියලුම රජයේ සේවකයින් සඳහා නියමිත වැටුප ලබාදීමට තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරන ආකාරයට මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල මහතාට උපදෙස් ලබාදී ඇත.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ පැතිරයාමත් සමග රාජ්‍ය සේවයේ නියුතු පිරිස් වෙනුවෙන් සිය සේවා කටයුතු පවත්වාගෙන යාම සදහා මෙලෙස වැටුප් ලබාදීමට පියවර ගෙන ඇති බව එම ඒකකය සඳහන් කළේය.

කෙසේවෙතත් පසුගිය සිකුරාදා වන විට බොහෝ රාජ්‍ය සේවකයින් සදහා වැටුප් බැංකු ගත කිරිමට පියවර ගෙන ඇති අතර සෙසු රාජ්‍ය සේවකයින් සදහා අද දිනයේ දී වැටුප් බැංකු ගත කිරිමට නියමිතයි.

Related posts

නිරෝධායන නීති උල්ලංඝනය කළ ආයතන 1400 කට නඩු

Mohamed Dilsad

මහ මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය නිකුත්වේ [GAZETTE]

Mohamed Dilsad

වසර 6කත පසු සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද කොළඹදී

Mohamed Dilsad

Leave a Comment