දේශීය

සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් අද ලබාදීමට පියවර

(UTV|කොළඹ) – අද (23) දිනයේ සියලුම රජයේ සේවකයින් සඳහා නියමිත වැටුප ලබාදීමට තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරන ආකාරයට මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල මහතාට උපදෙස් ලබාදී ඇත.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ පැතිරයාමත් සමග රාජ්‍ය සේවයේ නියුතු පිරිස් වෙනුවෙන් සිය සේවා කටයුතු පවත්වාගෙන යාම සදහා මෙලෙස වැටුප් ලබාදීමට පියවර ගෙන ඇති බව එම ඒකකය සඳහන් කළේය.

කෙසේවෙතත් පසුගිය සිකුරාදා වන විට බොහෝ රාජ්‍ය සේවකයින් සදහා වැටුප් බැංකු ගත කිරිමට පියවර ගෙන ඇති අතර සෙසු රාජ්‍ය සේවකයින් සදහා අද දිනයේ දී වැටුප් බැංකු ගත කිරිමට නියමිතයි.

Related posts

පොලීසියෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

පාසැල් ප්‍රවාහන සේවා පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

වැලි ඡාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ලබාදීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment