විදෙස්

කොරෝනා වලින් රැකෙන්න ඉන්දියානුවන් බොන ඖෂධ[PHOTO]

(UTV |ඉන්දියාව ) – කොරෝනා වෛරසයෙන් ආරක්ෂවීමට ඉන්දියානුවෝ පිරිසක් ගව මුත්‍රා පානය කරති.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍ය මෝදිගේ පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරීන් ගව මුත්‍රා සහ අසූචි කොරෝනා වෛරසය වලක්වා ගැනීමට හා ප්‍රතිකාර සඳහා යෝග්‍ය බව පවසා ඇති බවයි.

අකිල් භාරත් හින්දු මහසභා නම් සංවිධානය පසුගිය සෙනසුරාදා ගවමුත්‍රා පානය කිරීමේ වැඩසටහනක් දිල්ලි අගනුවර දී සංවිධානය කර තිබු බව වාර්තාවේ.

බොහෝ හින්දු ජාතිකයන් ගවයා පූජනීය වස්තුවක් වශයෙන් සලකන අතර ගව මුත්‍රා සහ අසූචි රෝග සුව කිරීමේ අරමුණින් බොහෝ කාලයක් තිස්සේ භාවිතා කරයි.

කෙසේ වෙතත් සාම්ප්‍රදායික විශ්වාසයන් මත භාවිතයට ගන්නා මෙවැනි ද්‍රව්‍ය කොරෝනා වෛරසය පාලනය කිරීමට දායක නොවන බව වෛද්‍ය විශේෂඥයන් නැවත නැවතත් අවධාරණය කර තිබේ.

Related posts

ඕක්ලන්ඩ් ත්‍රස්ත ප්‍රහාරය තනි පුද්ගල ක්‍රියාවක් මිස ජන වර්ගයක ක්‍රියාවක් නොවෙයි

Mohamed Dilsad

මීටර් 35ක් අහසේ ඇවිද ගිය ප්‍රංශ තරුණිය

Mohamed Dilsad

ඇවිෆාවීර් රටවල් 17කට

Mohamed Dilsad

Leave a Comment