දේශීය

ජපුරේ සිසුවා අනතුරට පත්කිරීමේ සැකකාර සිසුන් අද අධිකරණයට

(UTV | කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුගේ සිරුර මතට ටයරයක් අතහැර තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා ඇතුලු සිසුන් සිව් දෙනා අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයව ඇත.

අදාළ සැකකාර සිසුන් 04 දෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (11) පස්වරුවේයි.

අනතුරට මුහුණදුන් සිසුවා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Related posts

IM‍F සහ මහ බැංකු ප්‍රතිසංස්කරණ යෝජනාවලට රජයේ මුදල් කාරක සභාවේ සහයෝගය

Mohamed Dilsad

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ඩෙංගු රෝගීන් 55,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment