දේශීය

රවී ඇතුළු සිව් දෙනාගේ පෙත්සම් අද කැඳවයි

(UTV | කොළඹ) –  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුලු සැකකරුවන් සිව්දෙනෙකු ගොනුකළ පෙත්සම අද (11) අභියාචනාධිකරණයේදී සළකා බැලීමට නියමිතය.

තමන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව රිට් ආඥා නියෝගයක් මඟින් අත්හිටුවන්නැයි ඉල්ලමින්
ඊයේ (10) මෙම පෙත්සම ගොනුකරනු ලැබීය.

2016 මාර්තු මාසයේ සිදුවූ ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසි දෙකකට අදාළව එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මාර්තු 06 වනදා වරෙන්තු නිකුත් කළේය.

එම දෙපාර්තමේන්තුව මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත්තේ වරෙන්තු නිකුත් වූ 10 දෙනාගෙන් එක් අයෙකු පමණයි.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, එහි මුල්‍ය වංචා අංශයේ ස්ථානාධිපතිවරයා, එම අංශය භාර පොලිස් අධිකාරිවරයා සහ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඇතුළු පිරිසක් නම්කර ඇත.

Related posts

විමල්ට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

Mohamed Dilsad

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් අගමැති හමුවෙයි

Editor O

අද ගෘහස්ත ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම අත්හිටු

Mohamed Dilsad

Leave a Comment