දේශීය

දේශපාලන පක්ෂ හයකට අද මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් කැඳවීමක්

(UTV | කොළඹ) – අභ්‍යන්තර අර්බුද පවතින දේශපාලන පක්ෂ හයක සභාපතිවරුන්ට සහ ලේකම්වරුන්ට අද (10) දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට එම කොමිසම දැනුම්දී තිබේ.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙම දැනුම් දීම කර ඇත්තේ අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය , ඊලවර් ප්‍රජානත්ත්‍රවාදී පෙරමුණ , එක්සත් ලංකා පොදුජන පක්ෂය , එක්සත් ලංකා මහ සභා පක්ෂය , ලිබරල් පක්ෂය හා ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ යන පක්ෂවලටයි.

මෙම පක්ෂවල සභාපති ධුරය හා ලේකම් ධුරය පිළිබද ගැටලු හමුවේ ඇතැම් පක්ෂ පාර්ශව දෙකකට වෙන්වී ඇති බව සැලකිල්ලට ගනිමිනුයි මැතිවරණ කොමිසම මෙම කැඳවීම කර ඇත.

මීට අමතරව , දේශපාලන පක්ෂවලට සිය ලකුණු වෙනස් කිරීම සඳහා ලබාදී තිබූ කාලය ඊයේ (09) දිනයෙන් අවසන් විය.

මහමැතිවරණ පනතට අනුව දේශපාලන පක්ෂයක ලකුණු වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් දින 07 ක් ඇතුළතදී පමණයි.

කෙසේ වෙතත්, ඊයේ දිනයෙන් ලකුණු වෙනස් කිරීමේ කාලය අවසන් වූ බැවින් සමගි ජන බලවේගය මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඉදිරිපත් විය යුත්තේ දුරකථනය යන ලකුණ හරහායි.

Related posts

මෙරටට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට පනවා ඇති නීති ලිහිල් වෙයි

Mohamed Dilsad

හංවැල්ලේ හිමි ඝාතනයට සම්බන්ධ තවත් හතර දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපතිවරණය මේ වසරේ- ඇමති බන්දුල

Editor O

Leave a Comment