දේශීය

ගම්පහ මුදල් කොල්ලයේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

(UTV | ගම්පහ) ගම්පහ – කෙහෙල්බැද්දර ප්‍රදේශයේ රුපියල් 46 ලක්ෂයකට ආසන්න මුදල් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 6 දෙනා හෙට (28) හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ, ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා දුන් නියෝගයකට අනුවයි.

සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීමට පැය 24 ක කාලයක් ප්‍රමාණවත් නැතැයි පොලිසිය අධිකරණයට දැනුම් දී තිබූ අතර , ඒ අනුව ඔවුන් පැය 48 ක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.

Related posts

කොවැක්සීන් එන්නතට WHO අනුමැතිය තවමත් නැහැ

Mohamed Dilsad

සැප්තැම්බර් 19 සඳුදා රජයේ විශේෂ නිවාඩු

Mohamed Dilsad

පාකිස්ථාන් අගමැතිවරයා රැගත් ගුවන්යානයට ඉන්දීය ගුවන් අවකාශයේ ඉඩ

Mohamed Dilsad

Leave a Comment