කලා

අර්ජිත් සිං හයවන වතාවටත් හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා වෙයි

(UTV | කොළඹ) – අතිශය ජනාදරයට පත් බොලිවුඩ් චිත්‍රපට ගීත කීපයකම හිමිකරුවෙකු වන අර්ජිත් සිං පසුගියදා පැවති ‘ෆිල්ම් ෆෙයාර්’සිනමා සම්මාන උළලේදී වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස හයවන වතාවටත් සම්මානයට පාත්‍ර විය.

මෙවර ඔහු වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායකයාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ‘කලාන්ක්’ චිත්‍රපටයේ කලාන්ක් ගීතය ගායනා කරමිනි.

අර්ජිත් සිං මෙම සම්මානය සඳහා දෙවතාවක් මෙවර නිර්දේශ වී සිටීමද විශේෂ සිද්ධියකි.

Related posts

Hichki චිත්‍රපටය රුසියාවේ ප්‍රදර්ශනය කිරීමට සුදානම්

Mohamed Dilsad

කේරලයේදී ප්‍රශංසාවට ලක්වූ මාලනිය [PHOTOS]

Mohamed Dilsad

සල්මාන්ගේ ‘ඩබාන්ග්’ ආදායම් වාර්තා අතරට

Mohamed Dilsad

Leave a Comment