විදෙස්

ඇමරිකානු ජනපති ඉන්දියාවට

(UTV | ඉන්දියාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව ඉන්දියාවේ සංචාරය කළ හත්වන අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගත වනු ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයා දින 02 ක් ඉන්දියාවේ රැඳී සිටීමට නියමිත අතර මෙම සංචාරය සඳහා ජනාධිපති ආර්යාව , දියණිය ඉවන්කා ඇගේ සැමියා සහ තවත් දූත පිරිසක් එක්ව තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ට්‍රම්ප්ගේ ඉන්දීය චාරිකාවේදී ආසන දස දහසකින් සමන්විත ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීම සහ ටජ් මහල් මන්දිරය නැරඹීමට ද නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

ඉන්දුනීසියාවට ප්‍රබල භුකම්පනයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙනස් කරන්න USAID ආධාර දුන් හැටි හෙළිදරව්වක්

Editor O

මියන්මාර හමුදා නායකයන්ට එරෙහිව සම්බාධක පණවමින් විධායක නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment