දේශීය

ගායක මොහිදීන් බෙග් වෙනුවෙන් සමරු මුද්දරයක්

(UTV | කොළඹ) – කොළඹ මුද්දර දැක්ම හෙට (20) සිට ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව 2020 වසරේ ප්‍රථම කොළඹ මුද්දර දැක්ම හා ප්‍රදර්ශනය පෙබරවාරි හෙට සිට ලබන 23 දා දක්වා පෙ.ව. 9.00ට ප.ව. 6.00 දක්වා තැපැල් මූලස්ථානයේදී පැවැත්වේ.

එහිදී ගායක මොහිදීන් බෙග් වෙනුවෙන් මුද්දරයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මුද්දර කාර්යාංශය පවසයි.

මෙහිදී 2020 වර්ෂ සැමරුම් මුද්දරය අගමැති ප්‍රධානත්වයෙන් මෙහිදී නිකුත් කිරිමට නියමිතව තිබේ. ඒ 2020 වර්ෂය විශේෂිත වර්ෂයක් ලෙස ලොවම සලකන හෙයිනි.

හරිත ලෝකයක් අපේක්ෂාවෙන් 2020 වසරේ සිට රට තුළ ගොඩනැගෙන තිරස සංවර්ධනය මෙම මුද්දරය තුළින් ලොවට ගෙනයෑමට තැපැල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

මෙම මුද්දරය නිකුත් කිරිමද හෙට රාත්‍රී 8.20ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් සිදුකිරිමට නියමිතය.

දෙස් විදෙස් මුද්දර, මුල්දින කවර, සිහිවටන පත්‍රිකා, කාසි, නෝට්ටු ආදී දෑ දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙන බව මුද්දර කාර්යාංශය සඳහන් කරයි.

Related posts

නව කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගැනේ

Mohamed Dilsad

සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ

Mohamed Dilsad

මට්ටක්කුලියේ අමානුෂික පුද්ගල ඝාතනයක්

Mohamed Dilsad

Leave a Comment