දේශීය

කොලොම්බියාවේ බස් රථයක් පුපුරා යයි

(UTV | කොළඹ) – කොලොම්බියාවේ මහාමාර්ගයක ධාවනය වෙමින් තිබූ කුඩා ප්‍රමාණයේ බස් රථයක් පුපුරායාමෙන් පුද්ගලයන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව එකොළොස්දෙනෙක් තුවාල ලබා තිබේ.

මෙලෙස කොලොම්බියාවේ ගිනිකොනදිග ප්‍රදේශයේ මහාමාර්ගයක ධාවනය වෙමින් තිබූ කුඩා ප්‍රමාණයේ මගී බස් රථයක් පුපුරා ගොස් ඇත.

ඒත් සමඟම බස් රථය ගිනිගෙන ඇති අතර පුපුරාගිය බස් රථය ආසන්නයේ තිබූ වෙනත් වාහන දෙකක්ද අසල පිහිටි නිවසකටත් දැඩි හානි සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

තුවාල ලැබූ පුද්ගලයන් එකොළොස් දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව සඳහන්.

බස් රථය පුපුරා යාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර අනතුර සිදුවූ ප්‍රදේශය මත්ද්‍රව්‍ය ජාවාරමට වඩාත් ප්‍රසිද්ධ කලාපයක් බව එරට වාර්තා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයෙන් නීතිවිරෝධී සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් නිරන්තරයෙන් වාර්තාවන බවත් එම වාර්තාවල දැක්වෙයි.

මෙම සිදුවීමට පෙර රටේ විවිධ ප්‍රදේශවලින් වාහන ගිනිතැබීම්, පුද්ගලයන් බියවැද්දීම්, හමුදා නිලධාරීන්ට ප්‍රහාර එල්ලකිරීම් වැනි සිදුවීම් මාලාවක් වාර්තාවී ඇති බවත් කැරලි කණ්ඩායම් මෙම සිදුවීම් පිටුපස සිටින බවටත් තොරතුරු ලැබී තිබූ බව අදාළ වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන තනතුරින් ඉවතට ?

Editor O

මේ කුණු ගඳ ගහන හඬ පටෙන් ජනතාවගේ බඩකට පිරෙන්නේ නෑ – වසන්ත [VIDEO]

Mohamed Dilsad

හෙරොයින් කිලෝ 290යි ග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු කොටු වෙයි

Mohamed Dilsad

Leave a Comment