ක්‍රීඩා

වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි සම්මානය ක්‍රීඩකයන් දෙදෙනෙකුට

(UTV | ජර්මනිය) – ජර්මනියේ බර්ලින්හීදි පැවති සම්මාන රාත්‍රීයේදී වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට ලුවිස් හැමිල්ටන් සහ ලියනොල් මෙසි සමත් විය.

මෙම සම්මානය ක්‍රීඩකයන් දෙදෙනෙකු විසින් හිමිකර ගැනීම විශේෂත්වයකි.

මර්සිඩිස් කණ්ඩායම නියෝජනය කරන මහා බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන් සහ සුපිරි පාපන්දු ක්‍රීඩක ආජන්ටිනාවේ ලියනොල් මෙසි විසින් මෙම සම්මානය දිනාගත්තේය.

හැමිල්ටන් ලෝක ශූරතා ෆෝමියුලා වන් ශූරතාව මෙවර 6 වන වරටත් දිනා ගත් අතර ඒ දක්ෂතාව වෙනුවෙන් ඔහු සම්මානයට පාත්‍ර වූ අතර බැලෝන් ඩීඕර් සම්මානයෙන් අවස්ථා 6 කදී පිදුම් ලැබූ සුපිරි පාපන්දු ක්‍රීඩකට ලියනොල් මෙසි ඒ දක්ෂතාව නිසා මෙම සම්මානය ලබා ගත්තේය.

විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමි කරගත්තේ අමෙරිකාවේ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වන සිමෝන් බායිල්ස් විසින්.

Related posts

ඉන්දීය 19න පහළ කණ්ඩායම ලකුණු 229ක් ඉදිරියෙන්

Mohamed Dilsad

රෝහිත් ශර්මාට ලක්ෂ 12 ක දඩයක්

Mohamed Dilsad

මෙන්ඩිස් සහ දික්වැල්ලට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග

Mohamed Dilsad

Leave a Comment