දේශීය

වුහාන් සිට පැමිණි සිසුන් දියතලාව කඳවුරෙන් පිටවෙයි [UPDATE]

(UTV | කොළඹ) – චීනයේ වූහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ලාංකිකයන් 33 දෙනා දියතලාව යුධ හමුදා කඳවුරෙන් මුදා හැර තිබේ.

 


වූහාන් සිට ආ ලාංකික පිරිස අද ගෙදර යවන ළකුණු

(UTV | කොළඹ) – බොහෝ දුරට අද (14) දිනයේදී නව කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරස අවධානම හමුවේ චීනයේ වූහාන් නගරයේ සිට මෙරටට රැගෙන විත් දියතලාව යුධ හමුදා කදවුරේ රදවා සිටින ශ්‍රී ලාංකිකයන් 33 දෙනා ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කළ හැකි බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.

පෙබරවාරි පළමු වනදා බොහෝ දුරට අදාල ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මෙරටට ගෙන එනු ලැබුවේය.

කොරෝනා වෛරසයට අදාල කිසිදු ලක්ෂණයක් එදින සිට අද දක්වා ගෙවී ගිය දින 14 ක කාලය තුළ මෙම පිරිස අතරින් වාර්තා වුයේ නැත.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පවසන ආකාරයට අද පෙරවරුවේ මෙම ලාංකිකයන් 33 දෙනා යළිත් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කෙරෙන අතර ඉන් අනතුරුව බොහෝ දුරට ඔවුන් සිය නිවෙස් වෙත යොමු කිරීමට හැකිවනු ඇත.

Related posts

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි කහ ඇනකොණ්ඩා අතුරුදන්

Editor O

අදත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කරයි

Mohamed Dilsad

පාසල්, හෙට  (24) දින සුපුරුදු පරිදි පැවැත්වෙනවා. – අධ්‍යාපන අමාත්‍යාංශය

Editor O

Leave a Comment