දේශීයප්‍රමුඛ පුවත 1

පොලිස් නිළධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ) –  සේවා අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එස්. කෝණාර මාතලේ කොට්ඨාසයේ සිට, අයිත්තමලේ පොලිස් ස්ථානාධිපති ලෙස මාරුකර යවා තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

ඊට අමතරව පොලිස් පරීක්ෂක ඒ කුලතුංග, කුරුවිට පොලිස් ස්ථානාධිපතිව සිට පොල්පිතිගම පොලිස් ස්ථානාධිපති ලෙසත් පොලිස් පරීක්ෂක ටී.පී. රත්නායක ලිඳුල පොලිස් ස්ථානාධිපතිව සිට කුරුවිට පොලිස් ස්ථානාධිපති ලෙසත් මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

විශ්වවිද්‍යාල විවෘත කිරීමට ගත් තීරණයට විරෝධය[LETTER]

Mohamed Dilsad

ගාමිණී සෙනරත්ට අග්‍රාමාත්‍ය ලේකම් ධුරය

Mohamed Dilsad

මහ බැංකුවේ අධිපතිට එරෙහි පෙත්සම ඉවතට

Mohamed Dilsad

Leave a Comment